― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsඅධිචෝදනා බාර දුන් සරණ ගුණවර්ධනට ඇප

අධිචෝදනා බාර දුන් සරණ ගුණවර්ධනට ඇප

ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එහි වාහන තුනක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට අධි චෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව ඔහු ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා.

ඔහු මුදාහැරියේ රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප දෙකක් මතයි. 2007 අගෝස්තු මස 01 වනදා සිට 2008 වසරේ ජූලි 31 වන දින දක්වා කාල සීමාව තුළ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් එහි වාහන තුනක් අව භාවිතා කිරීමෙන් රුපියල් 960000 ක මුදලක් රජයට පාඩු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම සරණ ගුණවර්ධන මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණා.

නඩුව ලබන 31 වනදා යළි කැඳවීමට නියමිතයි.