28.9 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදෙදරු මවකට හදි කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

දෙදරු මවකට හදි කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

වයස අවුරුදු 32ක දෙදරු මවක් බලහත්කාරයෙන් දූෂණය කළ බව කියන 38 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව උදාසිරිගම පොලීසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙන්නප්පුව, ලුණුවිල, තෙරේසා වත්ත ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි වාර්තා වුණේ. අදාළ කාන්තාවගේ සැමියා මේ වනවිට විදෙස් ගතව සිටින අතර, පසුගිය 05 වනදා මෙම කාන්තාව දරු දෙදෙනා සමඟ නිවසේ සිටි අවස්ථාවේදී සැකකරු විසින් ඇයව දූෂණය කර පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එදින රාත්‍රී 9.00ට පමණ එම කාන්තාව නිවසින් පිටතට පැමිණි අවස්ථාවේ සැකකරු මෙම අපරාධය සිදුකර තිබෙනවා. පසුව මේ සම්බන්ධයෙන් කාන්තාව විදෙස් ගතව සිටින සැමියාට දැනුම් දී ඇති අතර සැමියාගේ උපදෙස් මත ඇය අපරාධය සම්න්බන්ධයෙන් උදාසිරිගම පොලීසියට ඊයේ (06) පැමිණිල්ලක් කර ඇති බව සඳහන්.

ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. දූෂණයට ලක්වූ කාන්තාව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මාරවිල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමුකර තිබෙනවා.