30.6 C
Colombo
Saturday, August 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalපළාත් පාලන ආයතන සම්බන්ධයෙන් කටයුතු කළ හැක්කේ නීතියට අනුව පමණයි

පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් කටයුතු කළ හැක්කේ නීතියට අනුව පමණයි

පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් කටයුතු කළ හැක්කේ නීතියට අනුව පමණක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද (07) පාර්ලිමේන්තුවේදී පැවසුවා.

එහිදී ඔහු කියා සිටියේ මැතිවරණ කොමිසම, මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා කැඳවා, අද දින සාකච්ඡාවක් කිරීමට නියමිත බවයි. මීළඟ ක්‍රියාමාර්ග තීරණය කළ හැක්කේ ඉන් අනතුරුව බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

ඔහු මෙම අදහස් පළ කළේ බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා විමසූ අතුරු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්. මේ මස 19 වනදා පළාත් පාලන ආයතනවල නිල කාලය අවසන් වීමෙන් පසු ගන්නා ක්‍රියාමාර්ග ගැන මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී විමසා සිටියා.

ගරු කථානායකුමනි, අපේ මාතර දිස්ත්‍රික්ක ගරු මන්ත්‍රීතුමා අහන ප්‍රශ්නයම විපක්ෂ නායකතුමාත් 27/2 යටතේ අසා තිබෙනවා. ඉතිං විපක්ෂ නායකතුමත් අහන්නේ ඔය ප්‍රශ්නනයම තමයි අන්තිමට. ඒ ගැන නිතීය අනුව කටයුතු කිරීම පමණයි කරන්න පුලුවන්. මැතිවරණ කොමිසම, මහා භාණ්ඩාගාරයේ ලේකම්තුමා කැදවලා අද සාකච්ඡා කීරීම අනුව තමයි ඊළඟ කාරණාවලට බහින්න පුලුවන් වන්නේ.