― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමවගේ අනියම් සැමියා අතින් ගොළු දැරිය ජීවිතක්ෂයට

මවගේ අනියම් සැමියා අතින් ගොළු දැරිය ජීවිතක්ෂයට

සිය අනියම් බිරිඳගේ ගොළු දැරියට අමානුෂික ලෙස පහර දී ඝාතනය කළ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව හිරණ පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පානදුර හිරණ ලේක් විව් පදිංචිව සිටි බණ්ඩාරගම ගල්තුඩේ ධම්මකිත්ති ප්‍රාථමික විද්‍යාලයේ විශේෂ ඒකකයේ අධ්‍යාපනය හදාරන පැල්පොලගේ රෝෂිණී කවිෂ්කා පෙරේරා නැමති 7 හැවිරිදි දැරියකි.

දැරියගේ ශරීරයේ සෑම ස්ථානයකම තැලුම් තුවාල දක්නට තිබූ බවත් කටින් හැපූ බවට සැක කරන දත් පහරවල් සහිත තුවාලයක්ද පාදයක දක්නට තිබූ බවයි පොලීසිය සඳහන් කරන්නේ.

මීට සති තුනකට පමණ ඉහතදී දැරියගේ මව සහ දැරියව සැකකරු විසින් මවගේ නිවසට කැඳවාගෙන පැමිණ තිබූ අතර එහිදී දැරියට අමානුශික ලෙස පහර දී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සැකකරුගේ පහර කෑම හේතුවෙන් දැරිය රෝගී තත්ත්වයෙන් දින කිහිපයක් තිස්සේ පසු වී ඇති අතර දරුවාව රෝහල් ගත කිරීමටත් මව හෝ මිත්තණිය කිසිදු උත්සාහයක් ගෙන නොතිබූ බවයි පොලීසිය පවසන්නේ.

පහර කෑ දැරිය අද උදෑසන සිට අසාධ්‍ය තත්ත්වයෙන් පසු වී නිවසේ කාමරයක බිම දමන ලද පැදුරක් මත මිය ගොස් සිටි බව පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශ ක්‍රියාත්මකය.

29 හැවිරිදි සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.