ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සිය සහාය ලබාදෙන බව චීනය නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ද්විපාර්ශවික ණයහිමියා වන චීනය එරට අපනයන ආනයන බැංකුව හරහා ඒ බව ඊයේ (06) දිනයේ දී දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.
මෙම තීරණයත් සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන විස්තීරණ මූල්‍ය පහසුකම ලබාගැනීමට තවත් පහසු වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.