26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෛත්‍රීගේ පෙත්සම ගැන අධිකරණය දුන් තීන්දුව

මෛත්‍රීගේ පෙත්සම ගැන අධිකරණය දුන් තීන්දුව

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පෞද්ගලික පැමිණිල්ලට එරෙහිව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ගොනුකර තිබෙන රිට් පෙත්සම පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට අවසර දෙන්නේ ද? නැද්ද? යන්න තීරණය ලබන 14 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නියෝග කළා.

අභියාචනාධිකරණයේ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබාදුන්නා.

මෛත්‍රිපාල සිරිසේන විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින සිරිල් ගාමිණි පියතුමා ඇතුළු දෙදෙනෙකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න අධිකරණ හමුවේ මීට පෙර කරුණු දක්වමින් මෙම නඩුකරය පූර්ණ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනීම යෝග්‍ය බව දන්වා සිටියා.

එම ඉල්ලීම සම්බන්ධයෙන් වූ අභියාචනාධිකරණය නියෝගය ලබන 14 වනදා ප්‍රකාශයට පත්කරන බවත් විනිසුරු මඩුල්ල නියෝග කළා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැරහැරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව සිරිල් ගාමිණී පියතුමා ඇතුළු දෙදෙනෙකු විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෞද්ගලික පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

එම පැමිණිල්ල සලකා බැලූ කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා අධිකරණයේ පෙනී සිටින්නැයි දන්වා මෛත්‍රීපාල සිරිසේනට සිතාසි නිකුත් කළා.

කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් අදාළ සිතාසි නිකුත් කළ ආකාරය නීතියට පටහැනි බවත් එබැවින් එය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් මෛත්‍රීපාල සිරිසේන විසින් මෙම පෙත්සම අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබෙනවා.