31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවිභාග ඇගයීම් ගුරුවරුන්ගේ දීමනාව දෙගුණයක් කෙරේ

විභාග ඇගයීම් ගුරුවරුන්ගේ දීමනාව දෙගුණයක් කෙරේ

2022 අපොස උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතු තව දුරටත් ප්‍රමාද විය හැකි බව ලංකා ගුරු සංගමය පවසනවා.

එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පවසන්නේ උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතු සඳහා සහභාගී වන ගුරුවරුන්ගේ දීමනාව සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව මෙම ප්‍රමාදය ඇති වීමට බලපා ඇති බවයි.

අධ්‍යාපන අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට මේ සම්බන්ධයෙන් යෝජනාවක් ගෙන ආ නමුත් එය ක්‍රියාත්මක නොවන බවට ඔහු චෝදනා කළා. මේ අතර විභාග ඇගයීම් කටයුතු සිදුකරන ගුරුවරුන්ගේ දීමනාව දෙගුණ කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.

එම පණිවිඩය ගුරුවරුන් වෙත දැනුම් දෙන ලෙසටයි ඔහු අධ්‍යාපන වෘතිය සමිතිවලට දැනුම් දෙන්නේ. ගුරුවරුන් 4000 කගේ පමණ හිඟයක් රට තුළ පවතින බවද ඇමතිවරයා දැනුම් දුන්නා.