29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවෙඩික්කරුගේ ඉලක්කය වැරදී වැල්ලේ සුරංගගේ සහෝදරයා බේරෙයි

වෙඩික්කරුගේ ඉලක්කය වැරදී වැල්ලේ සුරංගගේ සහෝදරයා බේරෙයි

සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වැල්ලේ සුරංගගේ සහෝදරයා ඉලක්ක කරගෙන කොටහේන ඉබ්බගෙ වත්ත හන්දිය ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීම ඉලක්කය වැරදී යාමෙන් ඔහුගේ දිවි බේරී ඇතැයි කොටහේන පොලීසිය පවසයි.

කොටහේන රොක් හවුස් ප්‍රදේශයේ පදිංචි ගමගේ සනත් රුවන් නැමැති වැල්ලේ සුරංගගේ සහෝදරයා බිරිඳ සමග පහරදීමක් සම්බන්ධයෙන් වූ නඩුවකට පෙනී සිටීම සඳහා අලුත් කඩේ අංක හය අධිකරණ වෙත යමින් සිටියදී අදාළ වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඉබ්බගේ වත්ත හන්දිය ප්‍රදේශයේදී වැගන් ආර් වර්ගයේ මෝටර් රථයක් වම් පසින් ත්‍රිරෝද රථයට ඉස්සර කර නවතා එයින් බැස ආ පුද්ගලයකු ටී 56 ගිනි අවිය එල්ල කිරීමත් සමඟම ත්‍රීරෝද රථ රියදුරු ත්‍රිරෝද රථය අත්හැර දමා පළා ගොස් තිබේ. ඒ සමඟම ත්‍රිරෝද රථය පිටුපස ගමන්ගත් වැල්ලේ සුරංගගේ සහෝදරයා ද ත්‍රිරෝද රථයෙන් පිටතට පැන දිව යාමත් සමග වෙඩික්කරු අත දරා සිටි ටී 56 ගිනි අවියෙන් වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

මෙම වෙඩි ප්‍රහාර එම ස්ථානයේ බිමට සහ තාප්පයකට වැදී ඇති අතර හිස් පතරොම් කොපු හතරක් එම ස්ථානයේ තිබී සොයාගත් බව පොලිස් නිලධාරියෙක් පැවසීය. කොටහේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී. ජේ. ආර්. එස්. නිශාන්ත කුමාරගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එන්. පී. ලිහිණිය කුල විසින් පරීක්ෂණ පවත්වනු ලබයි.