ජ්‍යෙෂ්ඨ සිසුන්ට පමණක් වසා දැමූ සබරගමුව විශ්වවිද්‍යාලය අද (07) සිට විවෘත කරන බව උපකුලපති මහාචාර්ය උදය රත්නායක පැවසීය.
ඉකුත් පෙබරවාරි මස 16 වැනිදා ව්‍යවහාරික විද්‍යාපීඨයේ පළමු වසර සිසුන් පිරිසකට ජ්‍යෙෂ්ඨ සිසුන් කළ පහර දීමෙන් පසුව ජ්‍යෙෂ්ඨ සිසුන් සඳහා විශ්වවිද්‍යාලය තහනම් භූමියක් කිරීමට විශ්ව විද්‍යාලයීය පාලනාධිකාරිය පියවර ගත්තේය.