27.2 C
Colombo
Monday, July 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsIMF ණය ගන්න ලංකාවට සහය දෙනවා - ඇමරිකානු භාණ්ඩාගාර ලේකම්

IMF ණය ගන්න ලංකාවට සහය දෙනවා – ඇමරිකානු භාණ්ඩාගාර ලේකම්

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ඉල්ලා ඇති ණය මුදල ශ්‍රී ලංකාවට ලබා ගැනීම සදහා තම සහය ලබා දෙන බව ඇමරිකානු භාණ්ඩාගාර ලේකම්වරිය ජනාධිපති රනිල් වික්‍රමසිංහට දැනුම් දී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශයේ නිලධාරියෙකු පැවසුවේ ඊයේ ජනාධිපතිවරයා හා ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් අතර පැවති දුරකථන සංවාදයකදී මේ බව ඇය දැනුම් දී ඇති බවයි.

වත්මන් රජය ජාත්‍යන්තර ප්‍රජාව සමග විනිවිදභාවයෙන් කටයුතු කරන අන්දම පිළිබදව තමන් සැහීමකට පත්වෙන බවත් ඇමරිකානු භාණ්ඩාගාර ලේකම්වරිය මෙම සංවාදයේදී පවසා ඇති බව එම නිලධාරියා පැවසුවා.