26.7 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකාන්තා දිනය වෙනුවෙන් ශ්‍රී ලන්කන් වෙතින් අපූරු වැඩක්

කාන්තා දිනය වෙනුවෙන් ශ්‍රී ලන්කන් වෙතින් අපූරු වැඩක්

අදට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය කාන්තා ගුවන් නියමුවරියන්ගෙන් සහ අනෙකුත් ගුවන් යානා කාර්ය මණ්ඩලයේ ද කාන්තාවන් පමණක් ඇතුළත් ගුවන් යානයක් අද උදෑසන ඉන්දියාවේ ට්‍රිචි නුවර බලා කටුනායක ගුවන්තොටුපළෙන් පිටත් වී තිබේ.

මෙම ගුවන් ගමන සදහා A-320 එයාබස් වර්ගයේ ගුවන් යානයක් යොදා ගෙන තිබුණු අතර ප්‍රධාන ගුවන් නියමුවරිය ලෙස කපිතාන් චාමිකා රූපසිංහ සහ සහය ගුවන් නියමුවරිය ලෙස පළමු පියාසර නිලධාරී බිමාලි ජීවන්දර කටයුතු කර ඇත.

මීට අමතරව ගුවන් යානා කාර්ය මණ්ඩලය ලෙස තවත් කාන්තා නිලධාරිනියන් 5 දෙනෙකුද සහභාගි වී තිබේ.