30.6 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදියසෙන් එන්ජිම ගැන රුවන් එක්ක සාකච්ඡාවක්

දියසෙන් එන්ජිම ගැන රුවන් එක්ක සාකච්ඡාවක්

ඉන්ධන රහිතව ක්‍රියාත්මක කළ හැකි  ද්‍රව තෙරපුම් එන්ජිමක් නිෂ්පාදනය කළ දියසෙන් බලශක්ති උත්පාදන ව්‍යාපෘතියේ සාමාජිකයන් සහ දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. 

දියසෙන් බලශක්ති ව්‍යාපෘතියේ නිර්මාතෘ මල්ලව රූපසිංහ මහතා මෙහිදී  ඉන්ධන රහිත ද්‍රව තෙරපුම් එන්ජිම සහ එමගින් රටට ලැබෙන ප්‍රතිලාභ  පිළිබඳව රුවන් විජයවර්ධන මහතා දැනුවත් කළේය.

මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව සහ ලෝකයේ රටවල් 176ක් ආවරණය  වන පේටන්ට් බලපත්‍රයකට ද හිමිකම් කියන බව මල්ලව රූපසිංහ මහතා පැවසීය.

දැනට ජපානයේ දී මෙම ව්‍යාපෘතියේ යාන්ත්‍රික ඉදිකිරීම් කටයුතු කෙරෙන අතර එක් ඒකකයකින් 1-2 mw පමණ බලශක්ති ධාරිතාවක් නිපදවිය හැකි බව  මල්ලව රූපසිංහ මහතා ප්‍රකාශ කළේය.