25 C
Colombo
Tuesday, April 29, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsපොලිස් ප්‍ර+හාරයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ ආරක්ෂක නිලධාරියෙකු මියගියා

පොලිස් ප්‍ර+හාරයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ ආරක්ෂක නිලධාරියෙකු මියගියා

කොළඹ විශ්ව විද්‍යාලය අසල ඊයේ පැවති විරෝධතාවයේදී පොලිස් පහරදීමකින් එම විශ්ව විද්‍යාලයේ අභ්‍යන්තර ආරක්ෂක නිලධාරියෙකු මියගොස් ඇති බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පවසනවා.

ඔහු අද පැවැති ප්‍රවෘති සාකච්චාවකදී පැවසුවේ පොලිසිය විශ්ව විද්‍යාලය තුළට පැමිණ කළ පහරදීම හා කඳුළු ගෑස් ප්‍රහාරය හමුවේ මෙම ආරක්ෂක අංශ නිලධාරියා අසනීප තත්වයෙන් වැසිකිළියක රැඳී සිට ඇති බවයි.

අනතුරුව ඔහු රෝහල් ගත කිරීමෙන් පසුව මියගොස් ඇති බව වසන්ත මුදලිගේ පැවසුවා.

මෙය ඝාතනයක් බවත් එහි වගකීම රජය භාරගත යුතු බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.