27.8 C
Colombo
Saturday, August 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහින්දගේ විදෙස් ගමන් තහනම ඉවතට

මහින්දගේ විදෙස් ගමන් තහනම ඉවතට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විදේශ ගමන් තහනම ලබන මස 20 වැනිදා සිට 31 වැනිදා දක්වා ඉවත් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

පසුගිය වසරේ ගාලුමුවදොර පැවති අරගලයේ විරෝධතාකරුවන්ට පහරදීමේ සිද්ධියට අදාළ නඩුව අද (08)කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී ඇත.

දකුණු කොරියාවේ පැවැත්වෙන සමුළුවක් සඳහා සහභාගි වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අවසර ලබාදෙන ලෙස එහිදී හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ඒ අනුව අදාළ තහනම ඉවත් කිරීමට මහේස්ත්‍රාත්වරයා පියවර ගනු ලැබීය.