30.6 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරිය අනතුරකින් තුන් හැවිරිදි සිඟිත්තියක් ජීවිතක්ෂයට

රිය අනතුරකින් තුන් හැවිරිදි සිඟිත්තියක් ජීවිතක්ෂයට

උඩුදුම්බර – මඩුගල්ල මාර්ගයේ කලල්ගමුව ප්‍රදේශයේදී රිය අනතුරකින් 03 හැවිරිදි කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (07) දහවල් කාලයේදී කලල්ගමුව ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් මාර්ගයේ පෙරළීමෙන් අනතුර සිදුව ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ ගමන්කළ කුඩා දැරිය උඩදුම්බර රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

එසේ මියගොස් ඇත්තේ, මීමුරේ ප්‍රදේශයේ පදිංචි දැරියකි.

සිද්ධිය සම්බන්ධයෙන් උඩුදුම්බර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.