29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවැල්ලම්පිටියේ වෙඩි තැබීමක් - අයෙක් රෝහලේ

වැල්ලම්පිටියේ වෙඩි තැබීමක් – අයෙක් රෝහලේ

වැල්ලම්පිටිය, කොටුවිල ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා පළාගොස් තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ඊයේ (07) රාත්‍රියේ මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර තුවාල ලැබූ පුද්ගලයා 28 හැවිරිදි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන මානවඩුගේ අසංක නොහොත් ‘පරිප්පුවා’ නැමැත්තාගේ සමීපතමයෙකු බවයි වාර්තා වන්නේ.

‘පරිප්පුවා’ නැමැත්තා සිදුකළ කප්පම් ගැනීමේ සිද්ධියක් මුල් කරගෙන මෙම වෙඩි තැබීම ප්‍රතිවිරුද්ධ පාර්ශවයක විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු විසින් මෙහෙයවා ඇති බවටයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

වෙඩිතැබීම සඳහා ටී-56 ගිනි අවියක් භාවිත කර ඇති බවට පොලිසිය සැකපළ කරන්නේ. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වැල්ලම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.