― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsශ්‍රී ලංකාවේ ප්‍රගතිය සාදරයෙන් පිළිගන්නවා - IMF ප්‍රධානි

ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සාදරයෙන් පිළිගන්නවා – IMF ප්‍රධානි

ශ්‍රී ලංකා බලධාරීන් තීරණාත්මක ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ගැනීමේදී සහ ඔවුන්ගේ ප්‍රධාන ණය හිමියන් ඇතුළුව, මූල්‍ය සහතික ලබා ගැනීමේදී ලබා ඇති ප්‍රගතිය සාදරයෙන් පිළිගන්නා බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජිවා පවසනවා.

ට්විටර් පණිවුඩයක් තබමින් ඇය මේ බව සඳහන් කර ඇති අතර එහි වැඩිදුරටත් දැක්වෙනේ චීනය, ඉන්දියාව සහ පැරිස් සමාජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය දක්වන වැඩසටහන එහි විධායක මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීම මාර්තු 20 වෙනිදා සිදුකරන බවයි.

මේ අතර රාජ්‍ය ණය තිරසාරභාවය ඇති කරගැනීමට සහ වඩාත්ම අවදානමට ලක්විය හැකි පුද්ගලයන් ආරක්ෂා කිරීමට අත්‍යවශ්‍ය වන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහ ජාත්‍යන්කර මුල්‍ය ආයතන වෙතින් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 7ක් දක්වා අරමුදල් ලබා ගැනීමට ඉඩ සලසන මෙම වැඩසටහන සඳහා කඩිනම් අනුමැතියක් බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

රට තුළ ආර්ථික ස්ථාවරත්වය සහ සමාජ සුබසාධනය ළඟා කර ගැනීම සඳහා රජය සිය ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් ඉහු වැඩිදුරටත් පවසා තිබෙනවා.