30 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසත්ත්ව ආහාර වංචා කළ අයෙක් අත්අඩංගුවට

සත්ත්ව ආහාර වංචා කළ අයෙක් අත්අඩංගුවට

විදෙස් රටක සිට මෙරටට ගෙන්වන ලද සත්ත්ව ආහාර කිලෝග්‍රෑම් 4,920ක් වංචා කරීම සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (07) සවස සත්ත්ව ආහාර බහාලුම් 07කින් කොළඹ වරායේ සිට ප්‍රවාහනය කරමින් සිටියදීයි කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එහිදී එක් බහාලුමකින් තිබූ රුපියල් 1,476,000ක් වටිනා සත්ත්ව ආහාර කිලෝග්‍රෑම් 4,920ක් වංචනිකව ලබාගැනීමක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් විමර්ශනයක් සිදුකර අදාළ සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 41 හැවිරිදි කටුගස්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.