27.2 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසොත්ති උපාලිගේ පුතාගේ සමීපතමයෙක් පිස්තෝලයක් සමඟ අත්අඩංගුවට

සොත්ති උපාලිගේ පුතාගේ සමීපතමයෙක් පිස්තෝලයක් සමඟ අත්අඩංගුවට

බන්ධනාගාරගතව සිටින සොත්ති උපාලිගේ පුතාගේ සමීපතමයෙකු විදෙස් රටක නිෂ්පාදිත නවීන පිස්තෝලයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව විගේෂ කාර්ය බලකාය විසිනුයි ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

කොළඹ රාජකීය ගොල්ෆ් ක්ලබ් බොරැල්ල ප්‍රදේශය අසළ විදේශීය නිෂ්පාදිත රිවෝල්වර් අවිය සමඟ ෂෙහාන් සිල්වා හෙවත් ෂෙහාන් නමැති 28 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු සහ ජංගම දුරකථනය සමඟ විදේශීය නිෂ්පාදිත රිවෝල්වරය වැඩිදුර විමර්ශන සඳහා බොරැල්ල පොලිස් ස්ථානයට භාරදී තිබෙනවා.