9.2 C
London
Thursday, March 23, 2023

තමිල්නාඩු ධීවරයින්ට මසුන් ඇල්ලීමට මෙරට මුහුදු තීරය බද්දට?

තමිල්නාඩු ධීවරයින්ගේ ධීවර අයිතිය වෙනුවෙන් ශ්‍රී ලංකා මුහුදු තීරය බදු දෙන ලෙස ඉන්දීය විදේශ ඇමති එස්. ජයශංකර් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වෙයි.

2004 සිට 2016 දක්වා ඉන්දීය – ශ්‍රී ලංකා ධීවර නියෝජිත සාකච්ඡා දිල්ලි, චෙන්නායි සහ කොළඹ යන නගරවල විවිධ අවස්ථාවලදී පැවැත්විණි.

මෙම සාකච්ඡා වලදී තමිල්නාඩු ට්‍රෝලර් යාත්‍රා ධීවරයින් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ සම්පූර්ණයෙන්ම තහනම් ධීවර ක්‍රම ඔස්සේ මසුන් අල්ලන බවත් එමගින් ශ්‍රී ලංකා මුහුදු තීරයේ සම්පත් විනාශ වන බවත් වවුනියාව, කිලිනොච්චිය, මන්නාරම, මුලතිව් සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල ධීවරයන්ගේ ජීවනෝපායට එමගින් බාධා එල්ල වන බවටත් ශ්‍රී ලංකා ධීවර නියෝජිතයින් චෝදනා නගති.

තමිල්නාඩු ධීවරයින් කියා සිටියේ තම ධීවර ක්‍රම වෙනස් කිරීමට වසර තුනක කාලයක් අවශ්‍ය බවත් වසරකට දින 120ක් ශ්‍රී ලංකා මුහුදු තීරයේ මසුන් ඇල්ලීම වෙනුවට තමිල්නාඩු ධීවරයින් දින 90කින් මසුන් ඇල්ලීම අඩු කරන බව ප්‍රකාශ කර තිබුණද මේ වනතෙක් එය ක්‍රියාත්මක වී නොමැත.

මෙම සාකච්ඡා පිළිබඳව මෙතෙක් එකඟතාවකට පැමිණ නොමැති අතර පසුගිය මාසයේ ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වූ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ජයශංකර්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි සමඟ මේ පිළිබඳ සාකච්ඡා කර ඇත.

එහිදී ජයශංකර් ද්‍රටේ ධීවර ගැටලුවට විසඳුමක් සෙවීමට උනන්දු විය.

ඔහු ඉල්ලා සිටියේ තමිල්නාඩු ධීවරයින්ට ශ්‍රී ලංකා මුහුදු සීමාවේ බදු පදනම මත මසුන් ඇල්ලීමට අවසර ලබාදිය යුතු බවයි. මෙම ප්‍රකාශයට ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ ධීවරයින් විරෝධය පළ කර ඇත.

පසුගිය මාසයේ ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය ධීවර රාජ්‍ය අමාත්‍ය එල්.මුරුගන් මෙරට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද හමු වූ අතර එහිදී දෙරට අතර පවතින ධීවර ගැටලුව සම්බන්ධයෙන් මානුෂීය පදනමකින් කටයුතු කරන ලෙස ඉල්ලා සිටීම විශේෂත්වයකි.

#Hindu Tamil

Latest

බන්දුලට ඉල්ලා අස් වෙන්නැයි රතු එළියක්

බස්‍ රථ අමතර කොටස් සහ ඒවායේ සේවා ගාස්තු අඩු...

ඩයනා ගමගේ සම්බන්ධයෙන් CIDයට නියෝගයක්

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේගේ පුරවැසිභාවයට අදාළ කාරණා කිහිපයක් සම්බන්ධයෙන්...

එළවළු මිල පහළට

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල සීඝ්‍රයෙන් පහළ ගොස්...

ලෝක පානීය ජල හිඟයක් ගැන අනතුරු ඇඟවීමක්

2050 වසර වනවිට ගෝලීය නාගරික ජනගහනයෙන් අඩකට පානීය ජල...

Don't miss

රනිල්ව ජනපති කළේ බැසිල් – ඉන්දික අනුරුද්ධ

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්කිරීමට යෝජනා කළේ පොදුජන පෙරමුණු...

රනිල්ව විශ්වාස කරලා තමයි IMF එකෙන් ණය ලබාදුන්නේ – හිරුණිකා

රනිල් වික්‍රමසිංහ තනි පුද්ගලයකු ලෙස විශ්වාස කර ජාත්‍යන්තර මුල්‍ය...

ඩී.එස්. සේනානායක දර්ශනය ක්‍රියාත්මක කළ සිංගප්පූරුව සංවර්ධිත රටක් බවට පත් වුණා – ජනපති

දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස් සේනානායක මැතිතුමාගේ දර්ශනය අපි...

IMF කොන්දේසිවල විරුද්ධ විය යුතු කොන්දේසි තියෙනවා කියලා මම හිතන්නෑ – සිරිසේන

මුල්‍ය අරමුදලේ මූලික කොන්දේසි දහයේ විරුද්ධ විය යුතු කොන්දේසියක්...

මහින්දානන්ද අලුත්ගමගේට සභාපති ධුරයක්

ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක...

බන්දුලට ඉල්ලා අස් වෙන්නැයි රතු එළියක්

බස්‍ රථ අමතර කොටස් සහ ඒවායේ සේවා ගාස්තු අඩු නොවීම සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් පැවැත්වීමට විෂය භාර අමාත්‍යවරයා අපොහොසත් වන්නේ නම් ඔහු වහා සිය ධුරයෙන්...

ඩයනා ගමගේ සම්බන්ධයෙන් CIDයට නියෝගයක්

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේගේ පුරවැසිභාවයට අදාළ කාරණා කිහිපයක් සම්බන්ධයෙන් ආගමන හා විගමන පාලකවරයා ගෙන් සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඉදිරිපත් කරන...

එළවළු මිල පහළට

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල සීඝ්‍රයෙන් පහළ ගොස් ඇති බව ගොවින් හා වෙළෙදුන් පවසයි. ඔවුන් පෙන්වා දෙන්නේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු තොග මිලදී...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here