― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඡන්දෙට වෙන්කළ මුදල් නොදෙන්න හේතුව මුදල් රාජ්‍ය ඇමති කියයි

ඡන්දෙට වෙන්කළ මුදල් නොදෙන්න හේතුව මුදල් රාජ්‍ය ඇමති කියයි

රටේ ප්‍රමුඛ වියදම් ලෙස පෙළගස්වා තිබෙන වියදම් ලැයිස්තුවෙන් මුදල් කපා දැමිය යුතු වියදම් තිබේ නම් පෙන්වා දෙන්නැයි විපක්ෂයෙන් ඉල්ලා සිටින බව  මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

වැටුප් හා වේතන ගෙවීම,විශ්‍රාම වැටුප්, රෝහල්වල වෛද්‍ය සැපයුම්, මාසික සමෘද්ධි  හා සහන සැපයීම්,වැඩිහිටි මූල්‍ය ආධාර,වකුගඩු රෝගීන් සදහා මූල්‍ය ආධාර ආදිය කල් දැමිය හැකිදැයි විමසූ  මුදල් රාජ්‍ය  අමාත්‍යවරයා විපක්ෂය කියන්නේ මේ වියදම් කපා ඡන්දය පවත්වන්න කියා දැයි ඇසීය.

අයවැයෙන් ඡන්දයට බිලියන දහයක් අනුමත වී තිබෙන අතර එය දෙන්නේ නැත්තේ ඇයි දැයි අහන බවත් අයවැය ලේඛනයක් යනු හැමවිටම උපකල්පන වන අතර මෙච්චරක් ආදායමක් ලැබෙන විට මෙච්චර වියදම් කරනවා වැනි උපකල්පන අයවැය ලේඛනයේ සඳහන් වන බව රාජ්‍ය අමාත්‍යවරයා කීය.

සංකෝචනය වූ ආර්ථිකයක එම උපකල්පන හරියට ක්‍රියාත්මක වන්නේ නැතැයි රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.