― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsPoliticalඡන්දෙට සල්ලි නොදුන්නොත් ආයෙත් උසාවි යනවා

ඡන්දෙට සල්ලි නොදුන්නොත් ආයෙත් උසාවි යනවා

ඡන්දෙට මුදල් නොදුන්නොත් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධව නැවත වතාවක් අධිකරණයට යන බව සජබ පත්කළ මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ අද (09) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රිවරයා කියා සිටියේ සමගි ජන බලවේගය අධිකරණයට ගියේ පාර්ලිමේන්තුවේ බලය ජනාධිපතිවරයා උදුරා ගත් නිසා බවත් අද වන විට ජනතාවගේ ප්‍රජාතන්ත්‍ර වාදයට සහ ජනසම්මතවාදයට විශාල අභියෝගයක් එල්ල වී තිබෙන බවත්ය.

ඡන්දයෙන් පත් නොවූ ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදය දිගින් දිගටම විනාශ කරමින් හමුදාවේ සහ පොලිසියේ බලයෙන් රට පාලනය කරන යුගයකට පැමිණ තිබෙන බවයි මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කළේ.