― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalජනපතිට දෝෂාභියෝගයක් ගෙන එන බවට වාසුදේවගෙන් අනතුරු ඇඟවීමක්

ජනපතිට දෝෂාභියෝගයක් ගෙන එන බවට වාසුදේවගෙන් අනතුරු ඇඟවීමක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට පසුබට නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා අනතුරු අඟවනවා.

අද පාර්ලිමේන්තුව අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැවසුවේ පවුල් ලක්ෂ 35කට ආසන්න පිරිසකගේ ජීවනෝපාය විනාශ වීමට හේතුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල බවයි.

මූල්‍ය ආධාර සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කර ඇති නිර්ණායක සපුරාලීමෙන් පසු ජීවන වියදම පහත වැටී ඇති බවට රජය ප්‍රකාශ කරන බව ද මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ සතුරෙකු ලෙස සලකන අතර තවදුරටත් එසේ වුවහොත් ජනාධිපතිවරයාට දෝෂාභියෝගයක් ගෙන ඒමට පසුබට නොවන බවටයි මන්ත්‍රී වාසුදේව නානායක්කාර අනතුරු අඟවනු ලැබුවේ.

මෙරට ලක්ෂ 52ක් පමණ වන පවුල්වලින් ලක්ෂ 35ක පමණ පවුල් සංඛ්‍යාවකට ජීවනෝපාය අහිමි වී ඇති බව ද මන්ත්‍රී වාසුදේව නානායක්කාර පෙන්වා දෙනවා.

එමෙන්ම පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයෙන් රජයට දැඩි බලපෑමක් එල්ල වනු ඇති බවට වන සැකය හේතුවෙන් මැතිවරණය කල් දැමීමට රජය කටයුතු කරන බවයි ඔහු කියාසිටියේ.