― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsටිරාන් අලස්ට මානව හිමිකම් කොමිසමෙන් කැඳවීමක්

ටිරාන් අලස්ට මානව හිමිකම් කොමිසමෙන් කැඳවීමක්

මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස්ට මාර්තු 13 වැනිදා පෙරවරු 10.00ට එම කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින්නැයි කැඳවීමක් කර තිබේ.

ඔහු කැඳවා ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලය අවට සහ කැලණිය විශ්වවිද්‍යාලය අවට පැවති උද්ඝෝෂණ මැඩපැවැත්වීම සඳහා පොලිස් නිලධාරීන් අනුගමනය කරනු ලැබූ ක්‍රියා පිළිවෙත් පැහැදිලි කිරීම සඳහායි.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මේ බව සඳහන් කර තිබේ.