31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඩයනා ගමගේට එරෙහි පෙත්සම් විභාගයට දින නියම වෙයි

ඩයනා ගමගේට එරෙහි පෙත්සම් විභාගයට දින නියම වෙයි

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම අප්‍රේල් මස 3 සහ 4 යන දිනවල විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද දින නියම කළා.

එම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේයි අද කැඳවනු ලැබුවේ.

සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් විසින් ගොනු කර තිබෙන මෙම පෙත්සම පවත්වාගෙන යාමට නොහැකි බැවින් එය විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන ලෙස ඩයනා ගමගේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු ඉකුත් නඩු දිනයේදී අධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කර තිබුණා.

එම මූලික විරෝධතාවලට අදාල ලිඛිත දේශන මාර්තු මස 27 වනදාට පෙර ගොනුකරන ලෙස අභියාචනාධිකරණය පාර්ශවකරුවන්ට නියම කළා. ඉන් අනතුරුව පෙත්සම අප්‍රේල් මස 3 සහ 4 යන දිනවල විභාගයට ගන්නා බවයි අධිකරණය නියෝග කළේ.

පෙත්සම්කාර ඕෂල හේරත් කියා සිටින්නේ රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින් ඇය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි.

එබැවින් නීතියට පටහැනි ආකාරයෙන් ඩයනා ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීම නීති විරෝධී යැයි තීන්දු කර එම තනතුරෙන් බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.