23.4 C
Colombo
Wednesday, January 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනීතිවිරෝධීව ගෙන්වූ විදුලි උපකරණ තොගයක් රේගු භාරයට

නීතිවිරෝධීව ගෙන්වූ විදුලි උපකරණ තොගයක් රේගු භාරයට

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වා තිබූ රූපවාහිනී සහ වායුසමීකරණ යන්ත්‍ර ඇතුළු ඉලෙක්ට්‍රොනික උපකරණ තොගයක් රේගු භාරයට ගෙන තිබෙනවා.

භාවිත කරන ලද යන්ත්‍ර සූත්‍ර ලෙස සඳහන් කරමින් මෙම ඉලෙක්ට්‍රොනික උපකරණ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් (UAE) ආනයනය කර ඇති බවටයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් ඉලෙක්ට්‍රොනික උපකරණ අතර රූපවාහිනී යන්ත්‍ර 68ක්, වායු සමීකරණ යන්ත්‍ර 77ක් සහ භාවිත කළ ටයර් ද වන බවයි ශ්‍රී ලංකා රේගුව ප්‍රකාශ කළා.

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද මෙම විදුලි උපකරණ තොගය ශ්‍රී ලංකා රේගු මධ්‍යම විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.