23.4 C
Colombo
Friday, February 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබිල්පත් වෙනස් කර කෝටි 04ක් වංචා කළ අයෙක් අත්අඩංගුවට

බිල්පත් වෙනස් කර කෝටි 04ක් වංචා කළ අයෙක් අත්අඩංගුවට

පුද්ගලික සමාගමකින් රුපියල් කෝටි 4කට ආසන්න මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් කොටුව ප්‍රදේශයේදීයි මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරු අදාළ සමාගමේ සේවකයෙකු ලෙස කටයුතු කරමින් එහි බිල්පත් වෙනස් කර එම වංචාව සිදුකර ඇති බවයි පොලීසිය පවසන්නේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 34 හැවිරිදි මොරටුව, මෝල්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු අද (09) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.