― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsමඩ පොහොර නැව 17 වැනිදා මෙරටට

මඩ පොහොර නැව 17 වැනිදා මෙරටට

වගා කන්න 03කට පසුව වී වගාව සඳහා අත්‍යවශ්‍ය මඬ පොහොර හෙවත් TSP- Triple Super Phosphate මෙට්‍රික් ටොන් 36,000ක් සහිත පොහොර නැව මෙම මස 17 කොළඹ වරායට පැමිණීමට නියමිතව තිබෙනවා.

වී වගාවට අවශ්‍ය පොස්පරස් හා පොටෑසියම් මෙම පොහොර භාවිතය මගින් ලබා ගත හැකි වන අතර එම ඛනිජ ද්‍රව්‍ය පසුගිය කන්න කිහිපයක් තුළ හිඟවීම නිසා වී වගාවේ නියමිත අස්වනු ලබා ගැනීමට පවා හැකියාවක් ලැබුණේ නැහැ.

එමෙන්ම මෙවර මහ කන්නයේ දී ගොයම් කහ වීමේ රෝගයට පවා පොස්පරස් හා පොටෑසියම් ඌනතාවය ද බලපාන ලද බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කළේ. 2021 මහ කන්නයට පෙර හෙක්ටෙයාර් එකකින් වී මෙට්‍රික් ටොන් 4.1ක් වැනි අස්වනු ප්‍රමාණයක් ලබා ගත්ත ද පොස්පරස් හා පොටෑසියම් වැනි ඛනිජ ද්‍රව්‍ය සහිත පොහොර ගොවීන්ට නොලැබීම නිසා හෙක්ටෙයාර් එකකින් ලැබෙන වී අස්වැන්න මෙට්‍රික් ටොන් 2- 2.5 දක්වා පහත වැටුණා.

මේ නිසා මෙම මස 17 දින මෙරටට ලැබෙන මඬ පොහොර වගාවට අවශ්‍ය සමස්ත නිර්දේශිත ප්‍රමාණයම ගොවීන්ට නොමිලයේ ලබා දීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කර තිබෙනවා.

යල කන්නයේ වී වගා කළත් නොකළත් එහෙත් 2022/23 මහ කන්නයේ වී වගා කළ ලක්ෂ 12ක් පමණ වන සියලු ගොවීන්ට මෙම මඬ පොහොර ලබා දීමට පියවර ගෙන ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආධාර මත මෙම මඬ පොහොර තොගය ලබා දී තිබෙනවා. වී වගා කන්න 03කට පසු වී වගාවට අවශ්‍ය සියලු රසායනික පොහොර මෙවර යල කන්නයේ දී ගොවීන්ට ලබා දීමට සැලසුම් කර ඇති අතර ඒ අනුව මඬ පොහොර (TSP) , බන්ඩි පොහොර (MOP) හා යුරියා පොහොර ගොවීන්ට පහසුවෙන් ලබා ගැනීමටයි අවස්ථාව සළසා ඇත්තේ.

බන්ඩි පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක් පසුගිය මහ කන්නයේ දී රුපියල් 19,500ක මුදලකට ලබා දුන්න ද මෙවර යල කන්නයේ දී එම පොහොර පැවැති මිලට වඩා සැළකිය යුතු මුදලකින් පහත දැමීමට රජය මේ වනවිට තීරණය කර ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළා.