― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමහ බැංකුවෙන් සතුටුදායක ආරංචියක්

මහ බැංකුවෙන් සතුටුදායක ආරංචියක්

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමවේදය අප්‍රේල් මාසය වනවිට නිවේදනය කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

ඔහු තවදුරටත් පවසන්නේ වාණිජ ණයහිමියන් සමඟ පැවැත්වෙන සාකච්ඡා තවත් කඩිනම් කිරීමටද බලාපොරොත්තු වන බවය.

ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත මූල්‍ය පැකේජයේ පළමු සමාලෝචනය මාස 6කදී සිදුකිරීමට නියමිත බවත් ඊට පෙර අදාළ සාකච්ඡා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමටත් හැකිවනු ඇති බවද මහ බැංකු අධිපතිවරයා පැවසීය.

විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසන්නේ ශ්‍රී ලංකාවට බොහෝවිට මාර්තු 20 වනදා වනවිට විස්තීරණ මූල්‍ය පහසුකම ලැබෙනු ඇති බවට අනුමාන කරන බවය.

විස්තීරණ මූල්‍ය පහසුකමට අදාළ මාණ්ඩලික මට්ටමේ එකඟතාවය නුදුරේදීම ප්‍රකාශයට පත්කරනවා. එහි අන්තර්ගතවෙනවා ණය ප්‍රතිව්‍යුහත කිරීම සඳහා අපේ වෑයම. එසේම මාධ්‍ය කාලීන අපේ ණය ඉලක්කයන් සම්බන්ධයෙන්ද එහි අන්තර්ගතයි. එමගින් දීර්ඝකාලීනව ණය තිරසර බව ඇතිකරගැනීම අපේ අපේක්ෂාවයි “