23 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමහ රෑ බස්වලින් ඩීසල් ඇද්ද දෙදෙනෙක් අත්අඩංගුවට

මහ රෑ බස්වලින් ඩීසල් ඇද්ද දෙදෙනෙක් අත්අඩංගුවට

ඉංගිරිය පොලිස් වසමට අයත් නම්බපාන ප්‍රදේශයේදී රාත්‍රියේ නවතා තිබූ බස් රථ දෙකකින් ඩීසල් ලීටර් 395ක් සොරකම් කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් අවුරුදු 35ත් 39ත් අතර වයස්වල පසුවන්නන් බවයි පොලිසිය පැවසුවේ.

CCTV කැමරා ඔස්සේ සිදුකළ විමර්ශනයේදී සැකකරුවන් සමඟ කුඩා ලොරි රථයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සොරකම් කරන ලද ඩීසල් අලෙවි කිරීමෙන් ඔවුන් මුදල් උපයා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එම අවස්ථාවේදී කුඩා ට්‍රක් රථයකින් පැමිණ අද්භූත පුද්ගලයින් ඩීසල් සොරකම් කරන අයුරු අසළ තිබූ සීසීටීවී කැමරාවේ සටහන්ව තිබුණා.