24.7 C
Colombo
Sunday, October 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමුහුදට වැටී ධීවරයෙක් අතුරුදන්

මුහුදට වැටී ධීවරයෙක් අතුරුදන්

ගාල්ල ධීවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක ධීවරයෙකු මුහුදට වැටී අතුරුදහන්ව ඇති බව වරාය පොලිසිය පවසයි.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ හික්කඩුව තොටගමුව පදිංචි 25 හැවිරිදි ධීවරයෙක් බවයි වාර්තා වන්නේ.

මොහු ඉකුත් 26 වැනිදා තවත් 05 දෙනෙක් සමඟ බහුදින යාත්‍රාවෙන් මුහුදු ගොස් ඇති අතර ඊයේ (08) සවස ඔහු මුහුදට වැටුන බවට යාත්‍රාවේ හිමිකරුට සන්නිවේදන උපකරණ මගින් දැනුම්දීමෙන් පසු යාත්‍රාවේ හිමිකරු ඒ සම්බන්ධයෙන් වරාය පොලිසියට පැමිණිලි කර ඇත.

පොලිසිය මේ පිළිබඳව දක්ෂිණ නාවික හමුදා කඳවුර දැනුවත් කර ඇති අතර නාවික හමුදාව විසින් අතරුදහන් ධීවරයා ‍සොයා මෙහෙයුමක් දියත් කර තිබේ.