― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවවුනියාවේ ඛේදවාචකය: මරණ පරීක්ෂණ වාර්තාව නිකුත් කෙරේ

වවුනියාවේ ඛේදවාචකය: මරණ පරීක්ෂණ වාර්තාව නිකුත් කෙරේ

වවුනියාව, ගුඩ්ෂෙඩ් වීදියෙන් හමු වූ එකම පවුලේ සිව්දෙනාගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර රුධිර සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීකෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට නියමිතය.

වවුනියාව ගුඩ්ෂෙඩ් වීදිය ප්‍රදේශයේදී ගැහැණු ළමුන් දෙදෙනෙකු ඇතුළු එකම පවුලේ සිව් දෙනෙකු මියගොස් සිටියදී පසුගියදා (07) සොයා ගැණුනා.

මෙලෙස හමු වූ මළ සිරුරුවලින් පියා ගෙල වැළලාගෙන සිටි අතර බිරිඳ හා දරු දෙදෙනා ඇඳේ මියගොස් සිටියදී හමුවිය. සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය සහ අධිකරණ වෛද්‍ය නිලධාරීහු පරීක්‍ෂණ පවත්වනු ලබයි.

මෘත දේහ පරීක්‍ෂා කළ වවුනියාව මහේස්ත‍්‍රාත්වරයා පශ්චාත් මරණ පරීක්‍ෂණයට ලක් කරන ලෙස පොලිසියට නියෝග කළ අතර ඒ සඳහා මෙම මළ සිරුරු වවුනියාව රෝහලට ගෙන ගොස් ඇත.

මළ සිරුරු පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ පෙරවරුවේ සිදුකිරීමට නියමිතව තිබූ නමුත් සෞඛ්‍ය සංගමයේ වැඩවර්ජනය හේතුවෙන් එය ප්‍රමාද විය.

ඊට අදාළ මරණ පරීක්ෂණය සවස 5.30 සිදු කර තිබේ.
පරීක්ෂණවල ප්‍රතිඵලවලට අනුව ඔවුන්ගේ සිරුරුවල විෂ අන්තර්ගත වී නොමැති බවයි අනාවරණය වී ඇත්තේ.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බැවින් රුධිර හා මුත්‍රා සාම්පල මෙන්ම ආමාශයෙන් ලබාගත් ආහාරද වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට නියමිතය.

මළසිරුරු ඥාතීන්ට බාර දී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය පරීක්ෂණ පවත්වයි.