― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsවසර අවසානයේදී ඩොලරය 390ට නගිනවා!

වසර අවසානයේදී ඩොලරය 390ට නගිනවා!

ශ්‍රී ලංකාවේ රුපියල මේ දිනවල යම් ශක්තිමත් වීමක් පෙන්නුම් කළද මෙම වසර අවසානය වන විට යළි පහත වැටීමේ අවදානමක් පවතින බව Fitch Solutions පුරෝකථනය කර තිබේ.

2023 වසරේ මෙතෙක් ලොව හොඳම ක්‍රියාකාරී මුදල් ඒකකය බවට පත් වෙමින් ශ්‍රී ලංකා රුපියල පසුගිය බදාදා ඩොලරයට සාපේක්ෂව 3%කින් ශක්තිමත් වූ නමුත් 2023 වසර අවසන් වන විට ඩොලරයට සාපේක්ෂව එහි අගයෙන් පහෙන් එකක් අහිමි විය හැකි බවයි එම ආයතනය පවසන්නේ.

ඒ අනුව 2023 වසර අවසාන වන විට අමෙරිකානු ඩොලරයක් සඳහා වන ශ්‍රී ලංකා රුපියලේ අගය 390ක් වනු ඇති බවත් එසේ වුවහොත් එය මෙරට ඉතිහාසයේ විශාලතම මුදල් අවප්‍රමාණය බවට පත් වනු ඇති බවත් ඔවුන් අවධාරණය කරයි.