31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවාහන හිමියන්ට විශේෂ දැනුම්දීමක්

වාහන හිමියන්ට විශේෂ දැනුම්දීමක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වායු විමෝචන අංශය මඟින් අධික ලෙස දුම් පිට කරන වාහන සම්බන්ධයෙන් දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් සිදුකර තිබේ.

විශේෂයෙන් පෞද්ගලික බස් රථ මෙන්ම ලංකා ගමන ගමන මණ්ඩලයේ බස් රථ, රජයේ වාහන මෙන්ම පොලීසියේ වාහන සම්බන්ධයෙන්ද එලෙස පැමිණිලි රැසක් ලැබී ඇතැයි වාර්තා වේ.

ඒ පිළිබඳ දැනුම්දීම සඳහා ‪070 350 0525‬ යන වට්ස්ඇප් දුරකථන අංකය ද ලබා දී ඇත.

සෑම මසකම අවසාන සතියේදී කොළඹ බැස්ටියන් මාවතේ පෞද්ගලික බස් රථවල දුම් පරීක්ෂාව සිදුකරන අතර පසුගිය මස සිදුකරන ලද පරීක්ෂාවෙන් බස් රථ 40%කට වැඩි ප්‍රමාණයක් දුම් පරීක්ෂාවෙන් අසමත් වී ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය.

මෙහිදී අසමත් වන වාහන දින 14ක කාලයක් තුළ වේරහැර ප්‍රධාන කාර්යාලය වෙත යොමුකර අදාළ පරීක්ෂාවන් සිදුකර නොගන්නේ නම් එම අදායම් බලපත්‍ර ආසදු ලේඛන ගත කරන බව ඔහු සඳහන් කළේය.