― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsශක්තිමත් වූ රුපියලෙන් තේ කර්මාන්තයට බලපෑම්

ශක්තිමත් වූ රුපියලෙන් තේ කර්මාන්තයට බලපෑම්

රුපියල ස්ථාවර වීම හේතුවෙන් තේ වෙළඳපොළ පහත වැටී ඇති බව තේ කර්මාන්තශාලා හිමියන්ගේ සංගමය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම හේතුවෙන් සමස්ත අපනයන කර්මාන්තයටම එය බලපෑම් එල්ල කර ඇති බැවින් තේ වෙළඳපලට ද එය ඍජු ලෙස බලපා ඇති බවයි.

අමු තේ දළු සඳහා ගෙවනු ලබන අමතර ගෙවීම් නතර කිරීමට සිදුවන අතර විදුලිබිල ඉහළ යාම නිසා කර්මාන්තශාලා වියදම ද වැඩි වී ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.