33.4 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalIMF ගියත් එක රැයකින් සියලු ප්‍රශ්න ඉවරවෙන්නේ නෑ

IMF ගියත් එක රැයකින් සියලු ප්‍රශ්න ඉවරවෙන්නේ නෑ

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය මුදල සහ සහයෝගය ලබා ගත්තා කියා එක රැයකින් රටේ තිබෙන සියලු ප්‍රශ්න විසඳෙන්නේ නැතැයි හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

රටක් හදන්න අවුරුදු ගණනාවක් යන නමුත් රටක් විනාශ කිරීමට පැයක් වත් යන්නේ නැතැයි ද ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය සාර්ථක ගමනක් ආරම්භ කර තිබෙන අතර සියලු දෙනා දේශපාලන පක්ෂ, පාට, ජාති සහ ආගම් භේද ඉවතලා රට වෙනුවෙන් එකට එකතු විය යුතු බවද සඳහන් කළේය.

හැමදාම මහා පාරට ඇවිත් උද්ඝෝෂණය කරමින් අවස්ථාවාදී,පටු සහ දේශද්‍රෝහී විපක්ෂය කරන්නේ රට තව තවත් අරාජික කිරීම යැයි ඔහු පැවසුවා.