― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsකඳුළු ගෑස් සම්බන්ධයෙන් පොලිසියෙන් පැහැදිලි කිරීමක්

කඳුළු ගෑස් සම්බන්ධයෙන් පොලිසියෙන් පැහැදිලි කිරීමක්

ජාතික ජන බලවේගය සංවිධාන කර තිබූ විරෝධතාව අතර මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවක් මෙතෙක් ලැබී නොමැති බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියාසිටියේ අදාළ පුද්ගලයා කඳුළූ ගෑස් වැදීමෙන් මියගිය බවට පැවසුන ද අදාළ කටයුතු තවමත් පවතින්නේ පරීක්ෂණ මට්ටමේ බවයි.

එබැවින් අධිකරණ වෛද්‍යවරයා විසින් මරණයට හේතුව කුමක් ද යන්න අනාවරණ කරන තෙක් නිශ්චිත ප්‍රකාශයක් සිදු කළ නොහැකි බව ඔහු පෙන්වා දෙනවා.

කල් ඉකුත් වූ කඳුළූ ගෑස් භාවිත කර ඇති බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පිළිතුරු ලබා දුන්නා.

ඔහු කියාසිටියේ විරෝධතාවක් පාලනය කිරීම වෙනුවෙන් කල් ඉකුත් වූ කඳුළු ගෑස් භාවිත නොකරන බවයි.

කල් ඉකුත් වීමෙන් පසු එම කඳුළු ගෑස්වල ක්‍රියාකාරීත්වය දුර්වල වීම හමුවේ නිසි ලෙස ක්‍රියාත්මක නොවීම ඊට හේතුව බවයි නිහාල් තල්දූව මහතා පෙන්වා දෙන්නේ.

විරෝධතාවයක් වෙනුවෙන් යොදා ගනු ලබන්නේ නිසි ප්‍රමිතියකින් යුතු ජාත්‍යන්තර මට්ටමේ නිෂ්පාදන වන බව ද ඔහු සඳහන් කළා.

එමෙන්ම ඒවා මිලදී ගැනීමට නිසි ටෙන්ඩර් ක්‍රමවේදයක් පොලිසියට අනුගමනය කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙන්නේ.