වාර්ෂිකව ඉතාලි රජය විසින් ලබාදෙනු ලබන කෝටා ක්‍රමය යටතේ රැකියා අවස්ථා ලබාගැනීම සඳහා ශ්‍රී ලංකිකයන්ට සෘජුවම අයදුම් කළ නොහැකි බව ඉතාලියේ ශ්‍රී ලංකා තානාපතිවරයා දැනුම් දී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.
එම රැකියා සඳහා අයදුම් කිරීම ඉතාලියේ සිටින සේවා යෝජකයින් සහ ව්‍යාපාරික සමාගම් විසින් සිදු කළ යුතුව ඇති බවයි තානාපතිවරයා දැනුම් දී ඇත්තේ.
එමෙන්ම මෙම රැකියා ලබාගැනීම සඳහා කිසිදු පුද්ගලයකුට මුදල් ලබාදීමෙන් වැලකී සිටින ලෙසත් කාර්යාංශය වැඩිදුරටත් අවධාරණය කරයි.