― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsඉන්ධන මිල අඩු කිරීම ගැන ඉඟියක්

ඉන්ධන මිල අඩු කිරීම ගැන ඉඟියක්

ඉදිරි කාලය තුළ ඉන්ධන මිල අඩු කිරීමට හැකි වනු ඇති බව සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ආර්ථිකය ස්ථාවර කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සමඟ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යමින් පවතින බවයි.

පසුගිය දිනවල රුපියල ශක්තිමත් වීමත් සමඟ නව ඉන්ධන තොග අඩු මිලට මිලදී ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළා. ඒ අනුව කොළඹ වරායට රැගෙන එනු ලබන ඉන්ධන අඩු මුදලකට ලබා ගැනීමට හැකි වනු ඇති බවයි ඔහු කියාසිටියේ.

අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසුවේ ඒ අනුව එම මිල අඩු වීමේ ප්‍රතිලාභය පාරිභෝගිකයන් වෙත හිමිවන බවයි. ඉන්ධන මිල අඩු කිරීම අනෙකුත් භාණ්ඩවල මිල අඩුවීමට ද ඉවහල් වන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා.