31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalකටක් තිබ්බ පළියට රටක් ගොඩගන්න බෑ - ඒකට ඔළුවකුත් ඕනේ

කටක් තිබ්බ පළියට රටක් ගොඩගන්න බෑ – ඒකට ඔළුවකුත් ඕනේ

තමන්ට ජෙප්පො ද, පෙරෙට්ටො ද, කුරුට්ටො ද, පොහොට්ටු ද අදාළ නොවන බවත් සෑම මිනිසෙක්ගේම ජීවිත ආරක්ෂා කර ගැනීම පමණක් තමාට අවශ්‍ය බවත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (10) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ කටක් තිබුණු පළියට රටක් ගොඩ ගත නොහැකි බවත් ඒ සඳහා ඔළුවක් තිබිය යුතු බවත්ය.

හැම රැල්ල ම ලස්සනයි වෙරළට එනකල්. හැබැයි මතක තියා ගන්න රැල්ල වෙරළට ආදරේ නෑ..කඩප්පුලි බලවේගවලට අහුවෙලා රට අපායක් කර ගන්නව ද කියන එක රටේ ජනතාව තීරණය කරන්න ඕනෑ. දැන් ජෙපි පැටව් මට ප්‍රතිපත්තියක් නෑ කිව්වට ඊට කලින් මම ම කියලා තියෙන්නේ මට තියෙන්නේ ප්‍රතිපදාවක් මිස ප්‍රතිපත්තියක් නෙවෙයි කියලා. ඔය අරගලවලට පුළුවන් ද අඩුම තරමේ රටේ මිනිස්සුන්ට බෙහෙත් පෙත්තක්වත් අරන් දෙන්න. යූ ටියුබ් ජ්‍යෝතිශ්‍යකාරයෝ හීනියට දෙන ලණුත් කන මෙයාලා මාර භෞතිකවාදියෝ ටිකක්. අද ජ්‍යෝතිශ්‍ය අනාවැකි බිඳගෙන ආර්ථික විශේෂඥයන්ගේ පුරෝකථන බිඳගෙන අපි රටක් විදියට නැගිටිමින් ඉන්නවා. දැන් පාරවල් ගානේ රට අරාජක කරන්න ලොකු වෙහෙසක් ගන්න හැමෝට ම කියන්නේ ගිය අවුරුද්දේ මාර්තුව මොන වගේ ද කියලා ආපහු හැරිලා බලන්න. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඡන්දයක් පැවැත්වීම නෙවෙයි.