― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalකාවින්දට අලුත් තනතුරක්

කාවින්දට අලුත් තනතුරක්

දූෂණයට එරෙහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගෝලීය සංවිධානයේ “GOPAC 2023” ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කාවින්ද ජයවර්ධන මහතා පත්ව තිබේ.

දෝහා කටාර් හී පැවැත්වෙන දූෂණයට එරෙහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගෝලීය සංවිධානයේ “GOPAC 2023” මහ සමුළුවේ දී මෙම පත්වීම සිදුව ඇත.

එම සමුළුව ඉකුත් 8 වනදා සිට 10 වන දා දක්වා රටවල් රැසක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණ.

දූෂණය, මර්ධනයට අවශ්‍ය කරන නීති ජාත්‍යන්තර වශයෙනුත් අප රට තුලත් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා ගැනීමට කටයුතු කරන බව එහි නව ලේකම්වරයා ලෙස පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කාවින්ද ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

දූෂණයට එරෙහි ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ ලේකම් ධුරය ශ්‍රී ලංකාවට ලැබීම රටට ලැබුණු මහඟු අවස්ථාවක් බවත් ඔහු තවදුරටත් පැවසීය.