― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsකොළඹ මන්දපෝෂිත දරුවන්ගේ වැඩිවීමක්

කොළඹ මන්දපෝෂිත දරුවන්ගේ වැඩිවීමක්

මේ වසරේදී කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ වයස අවුරුදු පහට අඩු ළමයින්ගේ මන්දපෝෂණ තත්ත්වයේ වැඩිවීමක් තිබෙන බව එම නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි පැවසීය.

වෛද්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (07) පැවති කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අදහස් දක්වමිනි.

එහිදී ඔහු සඳහන් කළේ වයස අවුරුදු දෙකත් පහත් අතර බර අඩු දරුවන්ගේ ප්‍රතිශතය ඉකුත් 2020 වසරට වඩා මේ වසරේදී තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බවයි. එය ප්‍රතිශතයක් ලෙස සියයට 1.7ක අගයකි.

එමෙන්ම උග්‍ර තීව්‍ර මන්දපෝෂණ තත්ත්වයෙන් පසුවන දරුවන්ගේ යම් වැඩිවීමක් පවතින බවත් යුනිසෙෆ් සංවිධානයේ සහයෝගය ඇතිව කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ පෙර පාසල්වල දරුවන්ට දිවා ආහාරය ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බවත් වෛද්‍යවරයා අවධාරණය කළේය.