29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsජපානයෙන් ඩොලර් මිලියන 6.6ක් මෙරටට

ජපානයෙන් ඩොලර් මිලියන 6.6ක් මෙරටට

ජපන් රජය විසින් ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය ආහාර හා පෝෂණ අවශ්‍යතා සැපයීම වෙනුවෙන් ඇ.ඩො. මිලියන 6.6 ක අතිරේක මුදලක් එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩපිළිවෙල වෙත ලබා දී තිබේ.

මෙම ආධාරය හරහා ලෝක ආහාර වැඩපිළිවෙල විසින් සහල්, ධාන්‍ය සහ ආහාර පිසින තෙල් ඇතුළත් ආහාර මල්ලක් බැගින් ශ්‍රී ලංකාවේ අදාළ පවුල් සඳහා ඔවුන්ගේ මාසික ආහාර අවශ්‍යතාවලින් භාගයක් පමණ ආවරණය කරමින් මාස 2 ක කාලයක් සඳහා ලබාදෙනු ලැබේ.

මෙම පරිත්‍යාගය මගින් තවදුරටත් ගර්භනී සහ කිරිදෙන මව්වරුන් මෙන්ම මන්දපෝෂණ අවදානම සහිත තරුණ ළමුන් සඳහා ශක්ති ජනක ආහාරයක් වන ත්‍රීපෝෂ නිෂ්පාදනය සඳහා ඉරිඟු සහ සෝයා බෝංචි මාස 4 ක කාලයක් සඳහා ලබාදෙනු ලැබේ.