27.2 C
Colombo
Thursday, August 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalපොහොට්ටුවේ මන්ත්‍රීවරුන් පිරිසක් ඉවත් කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක්

පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් පිරිසක් ඉවත් කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක්

දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නගරාධිපති ඇතුළු මන්ත්‍රීවරුන් 8 දෙනෙකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයෙන් නෙරපීම වළක්වමින් කොළඹ දිසා අධිකරණය මගින් අද වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

අදාල මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කළ පැමිණිලි විභාග කිරීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය විසිනුයි මෙම වාරණ නියෝගය නිකුත් කළේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ, එහි සභාපති මහාචාර්ය ජී .එල්. පීරිස්, මහ ලේකම් සාගර කාරියවසම් ඇතුළු පිරිසකට එරෙහිව මෙම වාරණ නිකුත් කෙරුණා.

දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නගරාධිපති ස්ටැන්ලි ඩයස් ඇතුළු නාගරික මන්ත්‍රීවරු පිරිසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

පැමිණිලිකරුවන් කියා සිටින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි ආකාරයෙන් තමන්ව පක්ෂයෙන් නෙරපීමේ ලිපි නිකුත් කර ඇති බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ දිසා විනිසුරුවරිය ලබන 24 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි අදාළ වාරණ නියෝගය නිකුත් කළා.