27 C
Colombo
Monday, October 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබදුල්ලේ නෝනා අක්කා හෙරොයින් සමඟ කොටුවෙයි

බදුල්ලේ නෝනා අක්කා හෙරොයින් සමඟ කොටුවෙයි

බදුල්ල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි “නෝනා අක්කා ” නැමති කාන්තාව  හෙරොයින් මිලිග්රැම් 6300 ක් සමග ඊයේ (09) දහවල් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසිය.

අත්අඩංගුවට කාන්තාව වයස අවුරුදු හැටක් වන  බදුල්ල පහලගම ප්‍රදේශයේ පදිංචි කාරියක් වන අතර ඇය විසින් දිර්ඝ කාලයක් තිස්සේ හෙරෝයින් ඇතුළු මත්ද්‍රව්‍ය අලෙවි කිරිමේ නිරතව සිට ඇති බවද පොලිසිය පවසයි.

ඒ අනුව සිදුකල විමර්ශන වලින් අනතුරුව මෙම වැටලීම සිදුකල බවක් සැකකාර කාන්තාව අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

බදුල්ල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතාගේ උපදෙස් මත කොට්ඨාස වැටලීම් ඒකකයේ ස්ථානාධිපති උපොප අනුර, පොසැ තිලකරත්න (54100), පොසැ දිසානායක (74416), පොසැ සුජීව (46592), පොකො විරකෝන් (76245),පොකො සමීර (74503) සමග කාපොසැ සෙව්වන්දි (2401) යන අයවලුන් විසින් මෙම වැටලිම සිදුකර ඇත