― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමල් කැකුළකට අමානුෂික ලෙස පහරදුන් පියෙක් අත්අඩංගුවට

මල් කැකුළකට අමානුෂික ලෙස පහරදුන් පියෙක් අත්අඩංගුවට

කුඩා දැරියක අමානුෂික ලෙසට පහරදුන් පියෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බකමූණ අතරගල්ලෑව ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක්.

සැකකරු මෙලෙස අමානුෂිකව පහරදී ඇත්තේ වයස අවුරුද්දයි මාස 6ක් පමණ වන කුඩා දැරියකටයි. සැකකරුගේ බිරිඳ විදේශගතව සිටින අතර දැරියට අමානුෂික ලෙස පහරදෙන වීඩියෝ පට කිහිපයක් ඔහු දුරකතනය මගින් කුවේට් රාජ්‍යයේ සිටින බිරිඳට යවා තිබෙනවා.

බිරිඳගේ මව විසින් වේයන්ගොඩ පොලිසියට මේ සම්බන්ධයෙන් පැමිණිලි කරමින් ප්‍රකාශ කර ඇත්තේ දැරිය මරා දමා මෙම සැකකරු ද මිය යන බවට ප්‍රකාශ කර ඇති බවටයි. මෙම පැමිණිල්ල අනුව බකමූණ පොලිසියේ ස්ථානාධිපතිවරයා සහ අපරාධ අංශයේ නිලධාරීන් කණ්ඩායමක් අදාළ නිවසට ගොස් පහරදීමට සම්බන්ධ සැකකාර පියා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම කුඩා දැරිය පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරුගේ පළමු බිරිඳ සහ ඇයගේ දැරියන් දෙදෙනා ද පොලිසියට රැගෙන ගොස් ඇතැයි සඳහන්. මෙම පුද්ගලයාගේ බිරිඳ විදේශගත වී ඇත්තේ මීට මාස 3කට පමණ පෙර වන අතර විදෙස්ගතව සිට උපයන මුදල් මෙම මාසයේ තමාට ලැබීම ප්‍රමාද වූ බව පවසමින් සැකකරු දැරියට අමානුෂිකව පහරදී එම වීඩියෝ බිරිඳට යවා ඇති බවට මූලික විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු අද හිගුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.