28.4 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමැතිවරණයට ඉදිරිපත් වූ රජයේ සේවකයින්ට සහනයක්

මැතිවරණයට ඉදිරිපත් වූ රජයේ සේවකයින්ට සහනයක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාම යෝජනා භාරදී අපේක්ෂකත්වයේ සිටින රාජ්‍ය නිලධාරීන්ට සහනයක් ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව මෙම රාජ්‍ය සේවකයන්ට ඊයේ (09) දිනයේ සිට ඡන්ද විමසීම ප්‍රමාද වන කාලය තුල අදාළ නිලධාරියාගේ මූලික වැටුප පමණක් ගෙවීම සුදුසු බවටයි මැතිවරණ කොමිසම නිර්දේශ කර ඇත්තේ.

අදාළ නිර්දේශය සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල තීරණයක් ලබා ගැනීමට කටයුතු කරන ලෙසට දන්වා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ ලේකම් වෙත දැනුම්දී ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක නිවේදනය කළා.

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම නොවැළැක්විය හැකි හේතු මත අප්‍රේල් මස 25 වැනිදා දක්වා කල් දැමීමට සිදුවී තිබෙනවා.

වත්මන් ආර්ථික තත්ත්වය යටතේ එලෙස දිගු කාලසීමාවක් සඳහා වැටුප් රහිත නිවාඩු ලබාගැනීම මගින් එම නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීම දැඩි සේ දුෂ්කර වි ඇති බවට සහනයක් ලබා දෙන ලෙසට ලැබුණු ඉල්ලීම් සැලකිල්ලට ගනිමිනුයි මෙම පියවර ගෙන ඇත්තේ.