රජයට එරෙහි විරෝධතාවලට සම්බන්ධ වන පුද්ගලයන්ට ඉදිරියේදී රජයේ රැකියා ලබා නොදීමට තීරණය කර ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.
එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ ඒ ආකාරයේ විරෝධතා හෝ කඩාකප්පල්කාරී ක්‍රියාවලට සම්බන්ධ වන පුද්ගලයන් හඳුනාගෙන වාර්තාවක් පවත්වගෙන යාමට කටයුතු කරන බවයි.
මෙකී වාර්තා දත්ත බැංකුවක් ආකාරයෙන් පවත්වා ගෙන යාමට කටයුතු කර ඒ ආකාරයේ පුද්ගලයන් රජයේ රැකියා සඳහා අයදුම් කළ විට ඔවුන් රජයේ රැකියා සඳහා නුසුදුස්සන් සේ සැලකීමට පදනම් ලේඛනයක් සකස් කරන බවයි එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.