29.5 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලංකා ලුණු සමාගමේ 2022 වර්ෂයේ ලාභාංශ මුදල වූ රුපියල් මිලියන 20 ක...

ලංකා ලුණු සමාගමේ 2022 වර්ෂයේ ලාභාංශ මුදල වූ රුපියල් මිලියන 20 ක මුදල මහා භාණ්ඩාගාරයට

ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ලංකා ලුණු සමාගමේ 2022 වර්ෂයේ ලාභාංශ මුදල වූ රුපියල් මිලයන 20ක මුදල ඊයේ ( 09) මුදල් අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කුමාර මහතා වෙත‍‍‍‍‍ ප්‍රදානය කිරීම සිදු විය.

ලංකා ලුණු සමාගමේ ලුණු ලේවායන් මන්නාරම සහ අලිමංකඩ ප්‍රදේශවල ක්‍රියාත්මක වන අතර මෙම වසරේදී ලුණු ටොන් 35,000 ක ප්‍රමාණයක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන අතර මෙමගින් රුපියල් මිලයන 200 ක පමණ ලාභයක් ලබා ගැනීමට එම සමාගම බලාපොරොත්තු වේ.

මෙම වසරේ ජනවාරි මස ලංකා පොස්පේට් සමාගමේ වාර්ෂික ලාභය වූ රුපියල් මිලියන 25 ක් මුදලක් ද මහා භාණ්ඩාගාරය වෙත ලබා දීමට ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය විසින් කටයුතු කර ඇත.

මෙම අවස්ථාවට ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක සහ ලංකා ලුණු සමාගමේ සභාපති අනුර බණ්ඩාර යන මහත්වරු සහභාගි වූහ.