29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsවත්තල ගබඩාවකට සුද්දයක් දුන් අයෙක් කොටුවෙයි

වත්තල ගබඩාවකට සුද්දයක් දුන් අයෙක් කොටුවෙයි

වත්තල මීගමුව පාරේ පිහිටි විදුලි උපකරණ අලුත්වැඩියා කිරීමේ ආයතනයක ගබඩාවක් බිඳ රුපියල් ලක්ෂ 10ට අධික වටිනා රූපවාහිණී,ලැප්ටොප්, හා ශිතකරණ ඇතුලු උපකරණ රැසක් සොරාගත් සැකකරුවෙන් අද (10) වත්තල පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරු තවත් පුද්ගලයකු සමග එක්ව ඉකුත් (22) දින සිට වරින් වර එම ගබඩාවට ඉහළ මහලෙන් ඇතුළු වී එහි තිබු රූපවාහිණී යන්ත්‍ර 6 ක්, ලප්ටොප් පරිගණක 4 ක්, කුඩා ශිතකරණ 4 ක්, වතුර මෝටර් 4 ක් ඇතුලු දෙපළ සොරාගෙන ගොස් ඇති බවත් ඊයේ (9) වත්තල පොලිසියට පැමිණිලි ලැබී ඇත.

 මෙම පැමිණිල්ල අනුව පොලිසිය ප්‍රදේශයේ ගෙවල් බිදුම්  වල නිරත සිටි  පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී මෙම සියලු තොරතුරු හෙළි කරගෙන ඇත.

 සැකකරු වත්තල ප්‍රදේහයේ පදිංචි (42) හැවිරිදි පුද්ගලයෙක් බවත් ඔහු නිවසේ තිබු ඉහත ගබඩාවෙන් සොරාගත් රූපවාහිණී යන්ත්‍ර 4 ක් හා ශිතකරන 4 ක් පොලිසිය මගින් සොයාගන ඇත.